Friday, 10 October 2014

ආදරණීය අම්මාට.....


උඹලා ඔහෙටම වෙලා
හිටපල්ලා නෑවිදින්,
හැමදාම දින ගනින
අප්පච්චි කිවා මට....

පුදුම නෑ ඒ ගැනැත්
ළඟදි ඔහෙ ඇවිත් ගිය
කෙනෙක් මට කීවානේ
ලංකාවේ විස්තරේ...

දැන් ගෙදර උයන්නට
වෙලා මදි වෙලාලු
හැමදෙනම කඩෙන්නමලු
කන්නේ තුන් වේලටම....

වැඩි යමක් නැති උනත්
අපෙ වේල අපෙ රහයි
'OUT' යනවා ඉතින්
ඉද හිටල වෙනසකට....

අඩි බාගේ යන්නටත්
ත්‍රිවිලය ඕනෙමලු
පයින් යන්නෙම නෑලු
හරි නේද මං අම්මේ....

පාපැදිය මෙහෙ රථය
හරිම ලේසියි අම්මේ
අපේ ලොකු ලොක්කනුත්
ඒකේ එනවා අම්මේ....

'A.C. 'ලු මුලු ගේම
වාහනත් ඒ වගෙලු
'TV' එකෙ දාලමලු
මංගල්ලයත් ගන්නේ....

අපේ නොවන අපේ ගේ
හරි පොඩියි පිළිවෙළයි
උයන්නේ විදුලියෙන්
ඒත් බිල ඔහෙ වගෙයි....

හැමපාර සැළුන්ලූ
පෝලිමේ ළමයිලු
'TOUCH PHONE' අරන්ලු
ළමයි 'TUITION' යන්නේ....

'ර්‍REALITY SHOWS' වල
පොඩි එවුන් නටනවා
ඇස් කරකවද්දි
පොඩිමදැයි සිතෙනවා....

ගෙදර නොම්මර දාපු
'PHONE' එක මෙහෙ දෙන්නෙ
පොඩි එවුන් පොඩි පාට
තියෙනවා නෑ වෙනස....

විනොදෙට ගමනක් යන්න
වෙලා නැති වෙලාලු
එක වසරෙ පොඩි එකත්
'TUITION' ලු දැන් ඉතින්....

ගිම්හාන නිවාඩුව
ආවම අපි ඉතින්
ඇවිදිනවා හැකි විටක
නිදහස්නෙ ජිවිතේ...

ටික දෙනයි මෙහෙ ඉන්නේ
නිතර අපි හමුවෙනවා
දුක සැපත් බලාගෙන
එක පවුල වගෙමයි....

විළිරුදා නොදැනෙලු
'PRIVATE' ලු හැම තැනම
ගිනිගනන් යනවාලු
ඒත් ඒ 'TREND' එකලු...

මෙහෙත් පොළිම විටක
අඩුපාඩු නෑ නෙවෙයි
ඒත් මිනිසත්කමින්
හැමවිටම සළකනවා....

ඇඳුමටලු සලකන්නේ
බලයටලු තැන දෙන්නේ
පිස්සු බල්ලන් වගේ
සල්ලි හොයමින් යාලු....

නොම්මරය අරගෙනම
පෝළිමේ හිටියාම
කාටත්ම එක වගේ
වැඩෙ මෙහෙ කෙරෙනවා....

ඒ කොහොම වුනත් නුඹ
තවම වෙනසක් නෑනේ
කොහොමදැයි ඔය තරම්
සරලවම හිනහෙන්නේ....

නුඹ තාම දර ලිපේ
මැටි වළදෙ උයනවා
පොලොස් ඇඹුලක් කන්න
මට එන්න හිතෙනවා....

බැමි ලිහා නිවන් මග
දකින්නට තනනවා
එක් දිනක් අමතන්න
බැරි උනොත් තැවෙනවා....

අපිට කියලා බිමක්
ඔහේ නැතයි කිය කියා
වියදමට එවන එක
නුඹ ඉතුරු කරනවා....

නිදහසේ සරලවම
ඉන්නමුත් අපි දෙන්නා
කොහොම හිදිමුද ඉතින්
නුඹ ලඟට නෑවිල්ලා....

ඇවිත් යන්නම් ළගදි
නුඹ ළගින් හිදින්නට
සංකරවු ඔය ලොවේ
සරල නුඹ විදින්නට....

No comments:

Post a Comment