Sunday, 31 March 2013

අනේ අපි කවදාද...??


 නිශාන්තයේ නිදි නොවැද....
   දුර්ගන්ද කුණු කයම...
 වහල් කර කැළවට...
   සීරුවට ගෙතුම් කළ සිත්තම,

 සින්න වු දුප්පත් කමෙන්..
   උකස් කර දෙ අත්, පා...
 නුඹ කඳුළු දියකර..
   තව තවත් එකළු කළ සිත්තම,

 විදින්නට පිනක් නැති...
   භයංකර හීනයෙම..
 ගිලි ගිලි මියදෙනා..
   අහේතුවකට පිපුන,
 අපි තවම සිරගතයි...!!!

Monday, 11 March 2013

මල නුඹ...



 කඩුපුල් මලේ හිනහෙන නුඹ රෑ නිමල...
     කවුරුද දුටුවේ ලස්සන බකුසන් මිසක...
 උන් දන්නේ කෙලස රොන් ගන්නට නිමල...
     තලනු මිසක නුඹ සියුමැලි පෙති සැවම....

  විය හැක නුඹට සුන්දර බාඳුරා මල..
     ලද සරදමින් වු පසු කඩුපුලා මල...
 කුමකට නසනු තවකෙකු කරලා වසඟ..
     නුඹද උන්ද සැම වරදක බැදුනු කල...

  වි නුම් දිනක නුඹ සුන්දර තඹර මල...
     පිපුනත් මඩ ගොහොරු දහසක් කටු අකුල් මැද..
 නෙළා පුදයි නුඹ බොහොසත් සිතක් මතු...
     එය වේ නිමල තැන නුඹ විසුමට සුදුසු.......

පුස්තකාලයේ සිට ලියමි.........

 බලමි දස අත....
 නිහඬ ලොව දෙස......
 කුසිතය ගත..
 දෙවනි නැත සිත...
 බොහො දේ ඇත..
 කරනු සිත නැත...
 සුවය අසුනද..
 වායු සමනය නියම ගානය...
 කුමන අරුමෙද..
 පියවෙවි ඇස..
 උදෑසන වුව....