Tuesday, 30 October 2012

පුජාසනයේ.....



  කොල්ලකා මා ආත්මය,
   උදම් අනමින් දොස් නගා...

  මළවුවකු කළ මගෙ ජීවය,

   ඔච්චමට පුරවා සිනා...

  සැබැ මිනිසුන් වාරුවෙන්,

   යළි නැගි කළ සිනහවෙන්...

  පාන නුඹ ඔය සිනහවන්,

   තරම් මට නැත කිසිත් පිළිකුල්...

  මළවුවන්ගෙන් නොනැගිට්ටෙමි මා,

   පිළිගන්න ඔය සෙනෙහෙ සිත්...

  කරමි මා පිං යළි යළිත්,

   නොදකින්න මතු ලෝ තලේ ....

  නුඹ වන් වු,

   මිනිස් වෙස් ගත් අමනසුන්..!!!

      නන්දා මාලනි මහත්මියගේ "පුජාසනය" ගීතය ඇසුවිට ආ අදහසකි....


1 comment:

  1. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete