Monday, 6 August 2012

පව් කළ පුතුන්....????


 පිටට ඇලුනු කුස,
 දිය සහලෙන් පුරවා..
 වෙව්ලන දෙ අත්, 
 හරි හරියට වෙහෙස දරා...
 මහතුන් කරපු පුතු ලෝකය,
 සිතේ දරා...
 වැහැරුනු දෙනෙත් 
 තවමත් මග හිදි බලා...

 නිවන් යන්න නොව 
 දුක උහුලනු මෙහෙම...
 ආ මග හැරෙනු බැරිකමටය
 මේ ගමන...
 මිලමුදලින් එව්වත් 
 යහමින් නුඹට..
 දනිමි අම්මේ තනිකම
 මහමෙර උසය...

 බැදුනු කළට රන් හුයකින්,
 දෙ අත් කොට..
 දරුවන් එන්නේ,
 තනිකම දුරලා යන්න..
 හිටියත් විසි-තිස් වසක්,
 තුරුලෙ ලය මඩල...
 යා යුතු ගමන,
 යන්නට දුන්නේ පිහිට...


 ආ මග හරිද වැරදිද,
 තේරෙන්නේ නැති...
 නුඹ කවදාක හිනහෙවිද,
 දන්නේ නැති..
 වැදු පිනට වත්,
 ළඟ හිඳ සලකන්න බැරි...
 පව් කළ පුතුන් මිස,
 අන් කවරෙක්ද අපි...