Thursday, 24 May 2012

අඩුම තරමින්....???

ලබාගන්නා තුරු..
     විමුක්තිවාදයෙන්ද,
ලබාගත් පසු..
     ප්‍රගතිගාමිත්වයෙන්ද,
පවත්වාගනුවස්..
     පක්ෂගාමිත්වයෙන්ද,
ලොවට පෙනෙනුවස්..
     පරහිතගාමිත්වයෙන්ද,

ආදි වු..
     මනෝ විලම්භනයෙන්..
රඟනා නුඹට,
     කුමක් නැතත්,
අඩුම තරමින්..
     හෘදය සාක්ෂියක් වත්....??

1 comment:

  1. හ්ම්....හිතන්ඩ ඕන ප්‍රශ්නයක්....

    ReplyDelete