Monday, 9 April 2012

අපේ ලෝකේ...


 මා නිහඩ විමි..

 මන්ද,
මා සුදු වැන් රියට බයමි...
අතුරුදන් විමට බයමි...
රකින්නටද,
මා මත සිනා වෙන්නද,
පවුලක් මා සතුය..
ඉතින් කෙසේ හඩ නගමුද..??
මා අන්ධය,
බිහිරිය..
එවිට මා ඉබේම 
ගොළු විය..
අමාරුය යැපෙන්නට..
විදින්නට ජිවිතය...
ඒත් 
අපි ජිවත් වන්නෙමු..
ආශ්චරයක් වන තුරු
නැතත්..
ලෝක විනාශය වනතුරු
බලමු අපි..
සැපක් විදින්නට නොව
එක්ව මියෙන්නට....

1 comment:

  1. මුව අයා බලා සිටින මුත්
    ආශ්චර්යයක් ගැන..
    අපි අපිම දෑස් හැර නැගිටින තෙක්
    නොලැබේමය ආශ්චර්යය..

    ප/ලි:
    බයමි කියන තැනට බිය වෙමි කියලා දැම්ම නම් ලස්සනයි කියලා හිතෙනවා..

    ReplyDelete