Wednesday, 29 February 2012

දයාබර හිමිට...

 මගේ සුසුම් නුඹ අරගෙන,
 මද පවනක් මවලා නුඹ..
 මා සැතපුව හැටි මතකයි,
 ඔය සුන්දර නෙතු අද්දර......


 නෙතු අග කඳුළැලි ගුලිකර,
 හිරිපොද වැස්සට එක් කර..
 තාලයකට ඇද වැටිච්ච,
 මල් වැස්සක් වුවයි නුඹ......


 කුණාටු දහසින් මුකුලිත,
 මා සිත ආලෙන් දැඩි කර..
 මුලු ලෝකය නිෂ්චල කර,
 අපෙ ලෝකය එහි තැනුවයි.....


 සඳක් වු සොමි කැළුම් විහිදන,
 ඉරක් වු එළියක්ව බබළන,
 ගඟක් සේ සිසිලසින් නහවන,
 පිනක්මය හිමි විදින නුඹ පෙම....

1 comment:

  1. ලස්සනයි,හිත පතුලෙන්ම ලියලා වගේ

    ReplyDelete