Monday, 24 October 2011

ගිලී නොගිය මගේ මතකය......

         පහුගිය දවස් ටිකෙම එකම එක බලාපොරොත්තුවක් පුරොගෙන එකම එක පැතුමක් හිත තියාන කොච්චර හිටියත් අවසානයේ ඒකත් තවත් සුන් වුන පැතුම් ගොන්නටම එකතු උනා.   මුලු තායිලන්තයම යට වෙද්දිත් අපි බලාන උන්නේ අපි අවුරුදු 2ක් ඉගන ගත්තු AIT එකට එක වතුර බින්ඳුවකින් වත් කරදරයක් නොවෙන්න කියන ප්‍රාර්ථනාවකින්. ඒ අපි ඒ තරම් ඒ බිමට ආදරය කළා. මේ භයානක වැස්ස තායිලන්තයෙන් ඉවත් වෙන්න කියලා දහස් වරක් කිවේ අපිට බොහොදේ කිය දුන් බොහො මතකයන් එකතු කල ඒ සුන්දර පරිසරය බොඳ වෙලා යනවා බලාන ඉන්න බැරි නිසා. එකට උයාන පිහාන එක බත් එක බෙදාන කාපු අපේම තවත් පිරිසක් දුක් විදි කියන භය හිත ඇතුලේ තිබුන අනෙක් කාරණාව.

         මා දුටු තායිලන්තය කියලා මුලු රට ගැනම විස්තරයක් ලිවේ ඇත්තෙන්ම ඒ රටෙන් අපිට උගත හැකි බොහොදේ තියෙන නිසා. වෙන රටක ඉගෙන ගෙන ඇවිත් ඒ රටට ආ වඩන්න නෙමේ. මා දුටු පරිසර වලින් පේරාදෙනියට විතරක් දෙවනි වෙන ආසියානු තාක්ෂණ ආයතනය හැබවින්ම අපිට සුන්දරම සුන්දර මතක රැසක් එකතු කලා. කොතරම් හැල හැප්පිම් ගැටුම් තිබ්බාත් සහොදරත්වය උතුරා ගිය මව් රට සහ පිට රට පිරිස් සමුහයක් හමුවුන සුන්දර වාසස්ථානයක තමා එහෙ තිබ්බේ. රටින් පිටට අපේ කියලා කවුරුවත් නැහැයි කියාන හිතාන යන අපිට මේ බිමත් ඔයාලගේ, මෙහි සියලු සම්පත් අත් විදින්න කියලා සැම සැප පහසු කමක් සහිත බිමක්ද, ඒ වාගෙම දහසක් ක්‍රියාකාරකම්ද එකතු කලේ අපුරුම අත්දැකිමක්.....

           අපි බහුතරය එතන හිටියේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය උපරිමෙන් භුක්ති විද ශිෂ්‍යත්ව ලබා ගෙන පශ්චාත් උපධි සඳහා ගිය අය. ඒ නිසාද කියන්න දන්නේ නෑ ඒ  බිමටද, එහි යන්න මග පෑදු ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තරමින්ම අප ආදරය කරන්නේ. අද වෙනකොට එහි සිටි සියලුම සිසුන් තම ගම් රටවල් බලා පිටත් වෙන්න පටන් අරං. මීටර 2.5 උඩට වතුර ගලලා මුලු සරසවියම අද වෙනකොට ගිලිලා. ඒත් ජිවිතේ බොහො දෑ සටහන් කළ ඒ සුන්දර මතකය ගිල ගන්න බැරි අපි හැමොම ආයෙම හැම දෙම තිබුන තැනට පත් වෙනකල් බලාන ඉන්නවා.


~~~~~~~~~~~~~~*****************~~~~~~~~~~~~~~~~******************~~~~~~~~~~~~~~


හුදකලාව තුරුලු කරන් හිත් මානේ,
තනිවම ආවේ නුඹ තුරුලට පෙර දිනයේ,
සෙනෙහස උතුරලා නුඹ පිළිගත් මොහොතේ,
පින් කළ බවකි හැඟුනේ අප හිත් පත්ලේ......
 
පැදුරු පාටි, අවුරුදු උත්සව අතරේ,
සැනසුම දැනුනේ සිටියද නිවසින් දුරක,
ඉපදුන දිනය අමතකවුවද නිතිනේ,
දොළහේ කනිසමට සුභ පැතුමන් එන්නේ........
 

තිස්පස් රටක ජනයා එක් උන අතරේ,
ක්‍රිඩා, රැගුම්, ගායන, උත්සව ඇත්තේ,
අඩුවක් නැතිව සතුටින් ඉන්නා අතරේ,
අඩුවක් නැතිව විභාගයත් ගොඩ ගැසුනේ......

සුන්දර දහක් දෙවල් මැවු සොඳුරු නුඹ, 
අද ගිලිලාය ආ ඒ රුදු ජල කදට, 
අපි සැම එක්ව නගනා පැතුමේ පිනට, 
සිටි සේ නැගිටියන් මවමින් සුරපුරය.....


 නුඹ යලි ඉපදෙනතුරු අපි සියල්ලොම බලා ඉන්නෙමු.......

4 comments:

  1. මට මතකයි ඔය ගංවතුර නිසා ලංකාවට ආපු 04 බැච් එකේ අක්කා කෙනෙකුත් ටීවි එකේ කතා කලා. දුක හිතුනා ඒ කට්ටියට වෙච්ච දේ දකලා !!

    ReplyDelete
  2. AIT එක ගැන නම් පුදුම දුකක් තියන්නෙ.. ඒ තරමටම මමත් ඒ පරිසරට මිනිස්සුන්ට ආදරේ කරා. තාමත් ඇඩෙනවා මතක් වෙද්දි.

    ReplyDelete
  3. අක්කා ප්‍රබෝදිනි සේමසිංහද ? මම එහෙනම් ඔයා ගැන තමා මුල කමෙන්ට් එකෙන් කිව්වේ

    ReplyDelete