Friday, 21 October 2011

අතිතයට රවුමක් යමුද.....??



          අතිතය ගැන මොකද හිතෙන්නේ. ආපහු ගිහින් එන්න එහෙම හිතෙන්නේ නැද්ද. මේක ලියන්න හෙතුව වුනේ, අපේ සරසවියේ මල්ලි කෙනෙකුගේ පුංචි කවි පද වැළැක් දැකලා. අතිතයට යන්න අතිතය වෙනස් කරන්න යන්න හිතිලා ලිව කවි පද පෙළක් එක. අපේ සමහර සිදුවීම් සමග අපි දවසට කී පාරක් නම් හිතනවද මේක මෙහෙම නොවි මෙහෙම කලානම් කොච්චර හොඳද කියලා. මේ කතාව මම කියන කතාවක් නෙමේ. මට මේක හුඟක් කිට්ටු හිතවතෙක්  කීව කතාවක්. 

          ජිවිතේ හැමදාම සතුට තියෙන්නේ නැනේ. ඉතින් දුකක් හිතුනාම තමා හිතන්නේ අන්න අතිතය වෙනස් කර ගන්න ඕනේ කියලා. ඒත් අපි ඒ වෙනස් කරන්න හිතන සිද්ධිය එක්ක තව සිද්ධි කියක් වෙනස් වෙවි කියලා හිතල තියෙනවද. එහෙම හිතලා තත්පර දෙක තුනක වෙනසින් වෙන සිදුවිම් අලලලා හදපු ලස්සන ච්ත්‍ර පටියක් තිබ්බා. මීට අවුරුද්දකට වගේ ඉහත අපි කට්ටියක් බැලුවා මතකයි. ඒත් නම මතක් කර ගන්න බැ. එහෙම මතක් උනොතින් කියන්නම්කෝ. 
 
         කොහොමහරි මටත් තිබ්බා කාළයක් සැහෙන්න අතිතය වෙනස් කරන්න හිතපු. එක දවසක් නෙමේ දවස් කිපයක්ම මට කිව එක දෙයක් අදටත් ඒක එහෙම නොවි මෙහෙම උනානම් හොඳයි කියලා හිතන්න යද්දිම මතක් වෙනවා.
 ජිවිතේ එක සිද්ධියක් සිද්ධි වැලක් එක්ක එතිලා තියෙන්නේ. සම්පූර්නයෙන්ම තනිව වෙන සිදුවිමක් නම් අපිට ඒක වෙන උනාම ආ හරි  මේක වෙන්නේ නැ කියලා හිතන්න පුලුවනි. නමුත් එහෙම බැදිලා තියන සිදිවිම් හුඟක එකක් වෙනස් කලාට කවමදාකවත් අවසාන ප්‍රතිපලය අද තියෙන දෙයට වඩා හොඳ වෙවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සිදුවිම කවරක් වුවත් ඒකෙන් ඇති වුන අතුරු ඵලයට වන හානිය අද අවම කර ගන්න උත්සහ කිරිමක් විතරමයි කරන්න පුලුවන්. 
ටිකක් වෙලා ඇයි මෙහෙම උනේ මේක මෙහෙම වෙන්න තිබ්බා නේද හිතාන යද්දි අර කීව කතාව මතක් වෙලා ආයෙම හිතෙනව නැ මේක තමා හොඳම විදිහ වෙන්න තිබුන කියලා. ඒ කතාව මගේ ජිවිතේ සතුටින් තියන්න සැහෙන්න ඉවහල් වුන කතාවක්. ඒත් ඕක ඔවු එහෙමයි කියලා මං පිළිගන්න නම් සැහෙන්න කාළයක් ගියා. ඒ කතාව ඒත්තු ගන්නපු කෙනාට මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා....
සුන්දර හො අසුන්දර අතිතය මතක් කරන් අනගතය හරි වර්තමානය හරි සතුටින් තිය ගන්න පුළුවනිනම් ඒක කමක් නෑ. ඒත් අතිතය වෙනස් නොවිම ගැන දුක හිතන්න එපා.


3 comments:

  1. ඔයාට වගේ මටත් අනන්තවත් හිතිලා තියෙනවා අතීතයට ගිහින් එන්න පුලුවන් නම් කියලා. එතකොට අතීතයේ වෙච්ච වැරදි නිවැරදි කරගෙන එන්න තිබ්බා. එතකොට අනාගතයයි වර්තමානයයි සුබ කර ගන්නත් තිබ්බා !!!!

    එහෙම හැමෝටම හිතෙනවා නම් අතීතයේ වෙච්ච වැරදි වර්තමානයේ සිද්ද වෙන එකක් නැති වෙයි !!!

    ReplyDelete
  2. අම්මේ.. අතීතයට යන්න පුළුවන් නම් එල නේ,, වෙච්ච වැරදි සේරම හදා ගන්න තිබ්බා...

    ජය..

    ReplyDelete
  3. This is a nice article. Its true that we can not change our past. All the past incidents come as challenges to test how strong we are so we must consider them as challenges and move on with life.

    every second and mili second matter to this HUMAN life as we ll not live forever and leading a HUMANE life is the only thing we can do as humans. so let's not regret our past

    ReplyDelete