Monday, 10 October 2011

"වහින් වැහි වළා...... "

හීන් පොඳෙ මද වැස්සෙ,
යන්න දැවටිලා...
සිසිල අරන් සිත් අරණට,
එන්න ලං වෙලා...

පියුම් විලෙ තුරු ගොමුවෙ,
බලන් නැගිටලා...
සිත් කුල්මත් කරමින්,
වැහි පොදක් වැටෙනවා...

ගී ගයනා කුරුල්ලනේ,
අසන් ලංවෙලා....
රගමුද අපි මද වැස්සේ,
තෙත් බරිත වෙලා...

අකලට වැටි දිය දහරක්,
නොවි සැගවිලා....
හෙටත් උදේ වසන්තයෙ,
වහින් වැහි වළා....

3 comments:

  1. නුවර අපට වැස්සේ අරුමයක් නැති උනාට රජරට ගොවියෝ වැස්ස ලැබෙන්න කියලා ශ්‍රි මහා බෝධියට බාරත් වෙනවා. වැස්සක අරුමය !!!

    ලස්සන කවි සංකල්පනාවක් !!!

    මාත් දිගටම සිතුම් ප්‍රසාදේ එක්ක එකතු වෙනවා.

    ReplyDelete
  2. Remove Word Verification.

    එතකොට කමෙන්ට් කරන්න පහසුයි.

    Dashboard > Settings > Comment

    word verification.

    Tick "NO"

    ReplyDelete
  3. ස්තුතියි මල්ලි...
    දැන් හරි මං හිතන්නෙ ..... :)

    ReplyDelete