Sunday, 12 June 2011

අප්පච්ච්...

 රෑ දහවල් දෙකම එකවන් දුක් සැම උහුලා...
 වෙහෙසෙ සහස් සිත් පැතුමන් නෙතු දල්වා...
 හෙමිහිට සැලෙන පත් උව නුඹ අවදි කලා...
 දෙයි රැකවරණ නුඹ මට එළි වැටක් වෙලා...

 හිතුනත් දුකක් නෙතු අග කදුලක් නැත්තේ...
 කිපුනත් විටක සිත නුඹ නැහැ එය මතකේ...
 දැනුනත් කුසට ගිනි හිත නැ පසු බැස්සේ....
 නොපා අතක් නුඹ අපි දෙන්නව හැදුවේ...

 කලකට නැගේ නින්දා අවලාද කියුම්...
 මෙකයි දහම කාටත් ලොව පොදුයි සිතම්..
 හැකිවේ උපයන්න දිනයක නුඹට මුදල්..
 උපයාපන් පුතෙ මිනිසුන් කිවේය දිනක්...

 දැනේ පාලු සිත් අද්දර නැතිවම නුඹේ හඩ..
 කදුලු කුමට නැති කල මට හඩන්න නුඹේ ලය...
 සැපක් කුමට නැති කල නුඹේ උණුහුම මා හට...
 හෙටත් බලා ඉන්නම් මං යන දින ගම රට...

 හිදින් සැපෙන් සැමදා නුඹ මගෙත් ආයු ගෙන...
 කියන් ලතා කවි ආයෙත් නැලවෙන්නට මට...
 පතමි සසර සැනසුම මම නුඹ හට හැමදම....
 වෙයන් මගෙම අප්පච්ච් මතු භවයෙත් නුඹ..

No comments:

Post a Comment