Friday, 24 June 2011

මගෙ ලොවේ......

නෙතු පියන ඇසිල්ලට
                 සරන සිහිනය නුඹය...
නෙතු ඇරෙන නිමේෂෙට
                සොදුරු සිත්තම නුඹය....

නිහඩ ලොව තුළ නැගෙන
                එකම රස වදන නුඹ..
මහා හඬවල් මැද්දේ
               කොදුරනා වදන නුඹ...

කතර තුල සරන විට
               දියබිඳුව මට නුඹය...
දියෙන් පිරි ලෝ තලේ
              නෞකාව මට නුඹය..

සුසුම් ලනු බැරි ලොවේ
               ජිවයයි නුඹ මගෙ..
සුසුම් පිරි තනි ලොවේ
               සිනාවයි නුඹ මගෙ...

අඳුර පිරි මාරුතේ
               සඳ කැල්ම නුඹය මට...
එළිය පිරි රුදු ලොවේ
              සෙවනක්ය නුඹ මෙමට...

බොඳව යන මගෙ ලොවේ
              පැතුම් සයුරක්ය නුඹ...
පිබිදෙනා මගෙ ලොවේ
               එකම පැතුමත් නුඹය....

"ස........"

Wednesday, 22 June 2011

මා දුටු තායිලන්තය......

මා මේ පළ කරන ලිපිය මාගේ වසර දෙකක තායිලන්ත අත්දැකිම් තුලින් මාගේ බුද්ධියට අසුවුන මට්ටමේන් කරනු ලබන සදහනක්ය.

තායිලන්තය යනු ථෙරවාද බුදුදහම ප්‍රචලිත කරන ලද  බහුතර ජනතාවක් බුදු දහම අදහන රටක්ය. බෞද්ධයෝ මස් මාංශ වලින් වැළකි සිටින්නොය යන්න හෝ තායිලන්තයේ කන තරම් මස් නොකන්නොය යන්න ඒ රට සංචාරය කල ඇත්තො බහුතරයක් කියන කාරණාවක්ය. සැබැවක්ය.. බෞද්ධයො වෙලත් ලංකාව තුල මිනිසුන් සාමාන්‍ය පාරිභොජනයෙ නැති පණුවන්, ගෙම්ඹන්, කුරුමිණියන්  වැනි සතුන් මෙහි සාමාන්‍ය කුකුළන් විකුණන ගානටම විකුණනු දක්නට හැකිය. මාද සත්ව භාවිතය ඒ රට තුල වැඩි බව පැහැදිලිවම පිළිගනිමි. ඒත් , ඒ ඔවුන්ගේ ජිවන රටාව සමඟ පුරුදු වුවක්ය. අපෙත් ඉතින් කුකුළෙක් එහෙම හොඳට බැදලා දුන්නාම නොකන බෞද්ධයො නම් ඉතා අල්පයි මං හිතන්නේ..

තවද, ගැහැණුන් අදින්නේ කොටටය, හිරටය. සමහරුන් සිගරට් භාවිතා කරයි. සමහර පිරිමින් ගැහැණුන් විමට උත්සාහ දරයි. ගණිකා වෘත්තියේ නියලෙන්නෝ එය නිදහසේ කරගෙන යයි. ඔවුනට හරියට ඉංග්‍රිසි බැරිය. මේ කරුණු කාරණා සියල්ල ඇත්තය. මෙතෙක් වනතුරු කියෙව්වාම මොන ජරා රටක්දැයි සමහර විට හැගෙන්නට ඇත. කොහොමත් අපි කැමති අපේ නොවන දෙවල් හොඳ නැ අපෙ නම් හොඳයි කියන්නනේ.

ඉහත කී කාරණා අපි ප්‍රතිපත්තියක හිදි නම් ඒ රට තුල ජිවත් විමට කිසි අපහසුවක් ඇති කරන කාරණා නෙමෙයි නේද...?

ඉතිරි ටිකත් කියවලාම තිරණයකට එන්නකො.

මං මෙහෙම කියන්නම්, සවස 6 වෙදිදි ගෙදර ඉන්න ගැණු ළමයා ගෙදර නැත්නම් අයියලාට, තාත්තාට වෙන නිවනක් නෑනේ අපේ මේ මහ ලොකු බෞද්ධයො ඉන්න රටේ. ත්‍රිවිල් එක්ක එන්න කියන්නද රෑ උනාම.. ඒක ඊටත් භයානකයිනෙ.. ඒත් තායිලන්තයේ නම් ඕනෑම වේලාවක ගමන් කිරිමට, එසේත් නැතිනම් ටැක්සි එක්ක නැගලා එන්නට බය වෙන්න ඔනේ නැත. ඒ වගෙම තමයි, ටැක්සි දුවන්නේ මීටරෙට හරි පාරේ, රියදුරු මහතාගේ අවශ්‍ය විස්තර වාහනයේ පුවරුවක ලියලා තියෙන්නේ. ඒ නිසා බොරුවක් නොවෙන ගානම තමයි.

අනික බස් රථ වල කොන්දොස්තර වැඩේ බොහෝ විට කරන්නේ ගැණු පාර්ෂවයේ අය. එයාලා ගාව නම් ඕන තරම් මාරු කාසි තියෙනවා. ඒ නිසා ටිකට් එකට අදාල ගාන විතරයි ඉතින් බස් එකට ගෙවන්න වෙන්නේ. අනික රියදුරු මහත්තයාටත් හොඳට කල්පනාව තියෙනවා ඉස්සරහා ලොකු මාර්ග අවහිරයක් නම් කණ පැලෙන්න හෝන් ගහලා වැඩක් නැ කියලා. ඒ හින්දා අපේ වගේ කණ පැලෙන්න තියා එහෙම දෙයක් කණට ඇහෙන්න වදින්නේද නැත...

අනික් ප්‍රධාන කාරණාව නම් මිනිසුන් බහුතරය බොහොම නිරහංකාරය. ඔවුන් සමග කතා බහ කිරිමට ඇති එකම අපහසුව භාෂාව තමයි. බහුතරයකට ඉංග්‍රිසි බැනේ. අපිටත් හරියට බෑ, ඒත් ගැට ගහ ගන්න පුලුවන්නේ. යන්න පාරක් තොටක් අහන්න ලංකාව වගෙ පොලිසියේ මහත් හොරු  හොයන්න ඔනේ නෑ. කාගෙන් ඇහුවත් දන්නවනම් කියයි. නැතිනම් කඩේ යවලා අමරුවේ දාලා හොරාට ගසා කන එක නම් වෙන්නේ නෑ.

ආ..... බස් ගැන පාරවල් ගැන කියද්දි අමතක වුනා කියන්න. එහේ පිරිමි පාර්ශවය සුදු හින්දද මංදා ලොකු පෞර්ෂවක් ඔවුන්ගේ පෙන්නේ නම් නෑ. හැබැයි දෙය්යනේ කියලා කොච්චර හිර උනත්  අපේ ඇගවල් වලට මුක්කු නොදි බස් එකේ යන්න නම් කොන්ද පණ තියෙනවා. තවද, හොඳට පිලිවෙලට පොළිමේ ගිහින් බස් එක්ක හරි දුම්රියක හරි නැගලා යන්න ඉවසුමකුත් තියෙනවා.

තවත් වැදගත්ම කාරණවක් තමා ඔවුන්ගේ ප්‍රධානියා රජෙක්. ඒ රජතුමාට සිවිල් ඉංජිනේරු විද්‍යාවේ පශ්චාත් උපාධියක් තියනවා කියල තමා අහලා තියෙන්නේ. උගතෙක්.... ඒ නිස වෙන්න ඇති සමහර විට මේ තරම් ගමනා ගමනය දියුණු. අනික් කාරණය තමා මිනිස්සු රජතුමාට හදවතින්ම ආදරය කරනවා. මා ලගදි ගමන් කරමින් සිටින විට, මාගෙ මිතුරෙකු හා අර රජතුමාගේ පිංතුරයක් දැකලා මොකක් හරි අපි කතා වුනා. ඒක දැක්ක වාහනේ රියදුරා මෙන්න මෙහෙම කිවා " Americans have a super man......we have a super king".. අපේ වගෙ පාර දිගේ පොස්ටර ගහලා, පාක්ෂිකයොම මල් මාලා දාලා පිළි අරගෙන අමුතුවෙන් මිනිස්සු තුල පහළ කරන්නට යන ගෞරවයට වඩා ඔවුනගේ සිත පත්ලෙන් නැගෙන දෙවල් කොයි තරම් අගෙද...?

අනිත් දේ තමා දන්නා තරමින් සෑම රැකියාවක් සඳහාම හොඳ ගෞරවක් ලබා දිලා තියෙනවා. ඒ නිසා කෘෂිකරමය කරන අයට, අනික් ඕනැම රැකියාවක නියුතු අයට අවශ්‍ය පරිදි එවා කරගෙන යන්න මාර්ග සැදිලා තියෙනවා. හැමොම නගරයට ඇවිත් අලුත් රැල්ලට අසු වෙලා දුවන්නම උත්සහ කරන්නේ නෑ.

තව දෙයක් කියන්නම ඕනේ. තයිලන්තය කියන්නේ ලස්සන රටක් නෙමේ. ඒක තනිකර මවා පාන කෘතිම සුන්දරත්වයක් තියෙන රටක්. හැබැයි ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. මොනවටද මේ සංචාරකයෝ එන්නේ. එකක් කාන්තාවො. අනික නෙක නෙක සුන්දර මිලෙන් අඩු දෙවල්.. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සදහා. අනික සුන්දරත්වය. පළමු කාරණා දෙකම අපි අත අරිමු. ඒත් මේ සුන්දරත්වය, බොරුවට මවා පාන සුන්දරත්වයට මෙතරම් සංචාරකයො ඇදි එන්න හෙතුව මොකද්ද...? ඔවුනට අවශ්‍ය පහසුකම්, පිරිසුදු කම, නිදහස මේ හැම දේම පුදුම ආකාරයකට පිළිවෙලකට සැකසිලා තියෙන්නෙ..

හැබැයි හැම දෙම සල්ලි.. ඒකත් මතක තියාගෙනම යන්න........ එකනේ කියන්නේ සංචාරක ව්‍යාපාරය කියලා....


 තව දෙයක් මොවුන් දිය ඇල්ලක් කියල පෙන්නන තැනක මිටර 2 ක් වත් උස නැති පුංචි දිය සීරාවක් යන්නේ. කොහේ හරි පොඩි කැළැවක් අල්ලලා මොකක් හරි වනෝද්‍යානයක කරනවා. මේවා බලන්න අපිත් ආවා නේද කියල අන්තිමට ඉතින් ඔහේ එනවා. අපෙ තියන සම්පත් දැක්කම අපිට මොන තරම් දෙවල් කරන්න පුලුවනිද කියල හිතෙනවා.

තව බොහෝ දෙවල් තියෙනවා හොඳයි කියලා කියන්න. සුපිරි වෙළඳ සංකිරණ, මාර්ග පද්ධති, මේ සියල්ල ඉතා හොඳ තත්වයේ පවතිනවා. අනික සෑම කටයුත්තක්ම පහසු සුහදශිලි විදිහට කර ගන්න පුලුවන්. ලංකාවේ අපි රජයේ කාර්යාලයකට ගියාම අපිට වැඩක් කරල දෙන්නේ අපි හරියට උදව්වක් ඉල්ලන් ආව කෙනෙක් වගෙනෙ. ඒක එයාලගේ රාජකාරිය කියලා අමතකයි. උදව්වේ වටිනාකමට ගෙව්වාමනේ ඉතින් වැඩේ වෙන්නෙ. මෙහෙ එහෙම නෑ. එයාලා හොඳට තම යුතුකම දන්නවා. ඒ නිසා රස්තියාදු නොවි වැඩේ කරගෙන එන්න පුලුවනි. අනික වැඩේ කරලා දෙන්නේ හරි උනන්දුවෙන්. ඒ නිසා ලේ කෝප කර ගන්නෙත් නැතිව එන්න පුලුවනි.

මේ රටේ මිනිස්සු කෑම වර්ග හදන්නත් හරිම දක්ෂයො. එක එළවලුවක් ගත්තොත් එකේ අහක දාන්නේ නැ ලෙසියකට. කන්න පුලුවන් හැම දෙම පැකට් කරලා විකුනනවා. අනික විවිධාකාරයි. තෙලට, මිරිසට, වේලලා.... ඒ නිසා මිනිස්සු උනත් ආසාවෙන් කාලා බලනවා..

මං හිතන විදිහට නම් තායිලන්තය සාමාන්‍ය කෙනෙකුට ජිවත් වෙන්න හොඳ පරිසරයක් තියෙන රටක්. ඒ නිසා තමා රට ගියාම ලෙසියෙන් කෙනෙක් ආයෙම ලංකාවට නො එන්න හේතුව කියලාත් මට දැන් හිතෙනවා. කවුද ඉතින් අකමැති, නිදහසේ බයෙන් සැකෙන් තොරව ජිවත් වෙන්න. එහේ හොරු, හිගන්නො එහෙමත් හරිම අඩුයිනෙ...

මං එහෙ ඉගන ගන්න කාළෙම සැහෙන්න ඔය මැති ඇමතිලා අවිත් ගියා. ඒත් පොඩි ජොලියක් දාලා යන්න ඇති. එහෙ තිබ්බ කිසි දෙයක් ගෙනත් මෙහෙ ස්තාපිත කළ බවක් පෙන්න නම් නැනේ. කොයි රටෙත් සංස්කෘතියත් එක්ක හැදුන යම් යම් හොඳ හා නරක දෙවල් තියෙනවා. අපිට නොගැලපෙන දේවල් ඔලුව උඩ තියාන පුම්බලා කෑ ගහන්නෙ නැතිව හොඳ දෙවල් අරගෙන යමක් කරන්න පුලුවනිනම් අපේ රටත් මීට වඩා දියුණු කර ගන්න පුලුවන් වෙවි...

තව පුංචි සටහනක් මෙතන මං තියන්නම්....., සාමාන්‍යයෙන් ලංකාවේ ශිෂ්‍යයො අනික් අයට වඩා ඉදිරීයෙන් ඉන්නවා කියන දේ නොකිවොත් මෙතන අඩුවක් වෙනවා. ඒ නිසා බුද්ධි සම්පතත් අපි සතුව මනාවම තියෙනවා...

එහෙම බැලුවාම, ලංකාව තරම් වටිනා සම්පත් තියන රටක්ද, දියුණු වන්නට මාර්ග තිබෙන රටක්ද වෙන නැතිව ඇති....

ඒත්, අපි කවදාද මේවාගෙන වැඩක් ගන්නේ...... ???

Tuesday, 21 June 2011

මදක් සිතුවොත්..

නුඹේ මුහුණේ නැගුන හසරැල්..
නැගුනේ කාගේ සතුට වෙනුවෙන්..?
අනේ ඒ රන් සිනහවේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්............

නුඹේ නෙතු අග පිරුන කඳුළැල්..
පිරුනේ කාගේ දුකක් වෙනුවෙන්...?
අනේ ඒ වැටි කඳුලු බිදුවේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්.........

සුසුම මුවගින් ගිලිහිලා ගිය..
කාගේ සුසුමක දුක නිසාදෝ..
අනේ ඒ නැගි සුසුම් දහරේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්......

සුන්දරයි.. අද ලොවම සොදුරුයි...

නුඹ නගන සිනාව, කඳුළ, සුසුම... අව්‍යාජත්වයෙන් නගන්නක්ද....??

Sunday, 19 June 2011

වේලාව....

මා තුළ නක්ෂත්‍ර පිළිබඳ දැඩි එල්බ ගත් විශ්වාසයක් නැත. මන්ද, මා දන්නා අයුරින් නියම යැයි දස දහස් අයගෙන් අසා බලා ඇරඹු සියල්ල සාර්ථකද නැත, අසාර්ථකද නැත. එබැවින්, යම් මිනිසෙකුට වැඩක් ඇරඹිමට හොඳම වේලාව ඔහු හෝ ඇය එම කාර්ය සඳහා යොමු විමට සිත පොළබවා ගන්නා අවස්ථාවය. නමුත්, ඔවුන් ඒ සඳහා ආරම්භයක් ලබා ගැනිමට අපොහොසත් වන්නේ නම් සුරයක් එල්ලා, සතර දිග් භාගයෙම සිටින සැම සකල විදි දෙවි දෙවතාවුන්ගෙන් අවසර ලබා ගැනිම යෙහෙකිය. මන්ද, ඒ තුලින් ඔවුන් තුළ තමා හට තමා පිළිබඳ නැති විශ්වාසයක් යම් බාහිර බලයක් තමන් හා ඇතැයි යන හැගිම තුලින් ලබා දෙන බැවිනි.....

නුඹට නුඹ මෙලොව එළිය දුටු වේලාව පිළිබඳ හෝ නුඹේ දරුවාගේ උපන් වේලාව පිළිබඳ දොස්තර මහතෙකු ලබා දුන් වේලාව පිළිබඳ  සියයට සියක්ම විශ්වාසද...? හරි අපි ඒක පැත්තකින් තියමුකො. ඒක හරියයි හිතමුකො. මොකද පොඩ්ඩක් විතර වෙනස් උනත් පැය දෙකෙන් දෙකට වගේ පිහිටන්නේ එකම ලක්ෂණ කියනවනේ. මං ඔය පැය දෙකේ කතාවත් දැන ගත්තෙ මං දන්න කෙනෙක්ගේ කෙන්දරය බැලුවාම එක තැනකින් දිපු ලග්නය තව තැනකින් මාරු කරනවා. ඇත්තෙන්ම අදටත් ඔය කෙනා ලග්නේ නම් මොකද්ද කියලා මට හිතා ගන්න බෑ කියලා තමා කියන්නේ. එයාට ලග්න දෙකක් තියෙනවා. පස්සේ මට කෙනෙක් කිවා ඕක වෙන්නේ පැය දෙකෙන් දෙකට නැකැත් හදන නිසා එයා ඔය අතර මැදි තැනක ඉපදිලා ඇති කියලා...


කොහොමහරි ඉතින්.. පොඩ්ඩක් එහා මෙහා උනත් වැඩි වෙනසක් නොවි ගැළපෙවි. ඒත් මට හැමදාම තියන එකම ගැටළුව එකම කේන්දරය දෙතුන් දෙනෙකුට පෙන්නුවාම යම් වැඩකට වේලාවල් දෙක තුනක් ලැබෙන්නේ කොහොමද කියන එක. මොකද උපන් වේලාවයි ඔය කියන ග්‍රහයො ටිකයි අපේ රටේ කොහෙ හිටියත් අපි, වෙනස් පිහිටිම් පෙන්නන්න බෑනේ......

මේ වේලාවල්, හදි හුනියම්, වශි ගුරුකම් සියල්ල යම් යම් සම්මත දේවල් සමඟ ආදි කාළයේ පැරැන්නන් තුළ තරයේ එල්බ ගන්නට ඇත. ඒවා තුළ යම් යම් සත්‍යතාවයක් නැතැයි යන්න කියනවාම නොවේ. නමුත් , ගැටළුව නම්  පැරැණ්නන් මෙන් අද වන විට මේ කියන හැමදේම මුදලට සිමා කර ඇති සමාජ ස්ථරයේ, මෙය මුල්‍යමය වටිනා කමක් කරගෙන සිටින අය අතර, දැණුමින් පිරිපුන් අවංකව අය කවුරුන්ද යන්නය............

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මේ කියන නක්ෂත්‍ර හා දේව වන්දනාව යන දෙකම අනුමත කරන්නේද යන්න පිළිබඳ මා තුළ හරිම අවබොධයක් නම් නැත. යම් යම් කාර්යයන් සාර්ථක කර ගැනිමට අවශ්‍ය වු විට කවදාවත් පන්සලකට අඩියක් නොතියන මිනිසුන්ද බෝධි පුජා ආදිය කරා ඇදියනු දක්නට ලැබෙන සුලඹ දසුනක්ය. එය තමුන් කරනුයේ තමුනගේ හිත එකඟ කරගෙන කරුණ සපල කර ගැනිමටද නැතිනම් එකපාර පහළ වු ශ්‍රද්ධාවක් නිසාද යන්න කියන දේ ගැන නුඹ මදක් සිතා බලන්න. පළමුවන කාරණාව නිසා නම් මාද ඔබ සමග එකඟය.  

මා අසා ඇති පරිදි යම් යම් කෙම්ද, වාස්තු විද්‍යා ශාස්ත්‍රයටද පදනම වැටි ඇත්තේ මිනිසුන් යම් යම් දෙවල් නිසා ලබා ගත් අත්දැකිම් අනුවය. අර ගස ගේ ඉස්සරහා හොඳ නෑ.. මේක මෙහෙම හොඳ නෑ ...මේවනි දෙවල් ගොඩ නැගි ඇත්තේ බාහිර සතුන්ගෙන් හෝ වෙනයම් සතුරු උපද්‍රව වලින් බේරිම සඳහාය.

අද කළ යුතු දේ අදම කරන්න යන්න අපට කුඩා කළ සිටම උගන්වන දෙයකි. මේ කියන අයුරින් යමෙකු ජිවිතේ එදිනෙදා වැඩ උත්සාහයෙන් කරගන්නේ නම් ඔවුන්ගෙ හොඳම වේලාව එයම වී සාර්ථක වනුද අපි නිතර දකින නිදසුන් අතර වේ. යම් දෙයක් තුළ විශ්වාසයේ එල්බ සිටිමෙන් මිනිසෙකුට ඒ තුළින් මා දකිනා පරිදි ලැබෙනුයේ ශක්තියක්ය. ඕනැම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවා වගෙ, අපි අපේ ශක්තියත් කාට කාට උනත් අනවශ්‍ය පරිදි උකස් කිරිම නම් යහපත් නොවේ....

නොපෙනෙනා දෛවයකට ජිවිතය නියම කරනවාට වඩා තමන්ගේ පෙනෙන ශක්තිය අගේය  යන්න මාගේ අදහසයි......

කෙසේ වෙතත් මේ මා දරනා මතයන්ය. එකඟ විමට හෝ විරුද්ධ විම නුඹ සතුය. සංවාදයට විවෘතය.......

Saturday, 18 June 2011

පෙමක් අකැපිද විවාහයකට....

කොමළ බොළඳ නුඹ සුරතල්,
සිනා නෙතග පිපි මනලොල්,
පුරා සිතෙ පිපි පෙම් බස්,
සිහිකර මතුවෙයි කඳුලැල්.........

වියකුනු සිත අද්දර හිද,
බවුන් වඩා නුඹ පෙම ළඟ,
අතිනත බන්දා සතුකර,
පැතු පැතුම් සිහින දකි...

එක්ව තැනු ලොවකුදු නැති,
වෙන්ව යන්න මගකුදු නැති,
කඩදහියක සම්මත පෙම,
ඉකිගසනවා දරු කැළ ළඟ..

යා යුතු නම් නුඹෙ ඒ මග,
කුමට කැන්ද ආද මෙලෙස,
මුලාවක්දෝ පිදු ඔය පෙම,
පෙමක් අකැපිද විවාහයකට....

Wednesday, 15 June 2011

වෙන්නම් මම... වෙනවද නුඹ......

ලියන්නම් පද වැලක් හෙමිහිට-
         ගළපලා මා නුඹ නමින්...
තනුව අමුනා සත්සරින් නුඹ-
         හැඩ කරනවද ඒ කවි...

සඳක් වෙන්නම් නිළඹරේ-
        පායලා නිති සුව දෙනා...
මලක් වෙනවද කඩුපුලා-
        සුවද දී මා ලොව පුරා..

සිතක් වෙන්නම් දිවිතුරා-
        සෙනෙහෙ වී ළඟ දැවටෙනා...
පෙමක් වෙනවද ලොව්තුරා-
        සුවය දී සිත පුබුදනා...

Sunday, 12 June 2011

අප්පච්ච්...

 රෑ දහවල් දෙකම එකවන් දුක් සැම උහුලා...
 වෙහෙසෙ සහස් සිත් පැතුමන් නෙතු දල්වා...
 හෙමිහිට සැලෙන පත් උව නුඹ අවදි කලා...
 දෙයි රැකවරණ නුඹ මට එළි වැටක් වෙලා...

 හිතුනත් දුකක් නෙතු අග කදුලක් නැත්තේ...
 කිපුනත් විටක සිත නුඹ නැහැ එය මතකේ...
 දැනුනත් කුසට ගිනි හිත නැ පසු බැස්සේ....
 නොපා අතක් නුඹ අපි දෙන්නව හැදුවේ...

 කලකට නැගේ නින්දා අවලාද කියුම්...
 මෙකයි දහම කාටත් ලොව පොදුයි සිතම්..
 හැකිවේ උපයන්න දිනයක නුඹට මුදල්..
 උපයාපන් පුතෙ මිනිසුන් කිවේය දිනක්...

 දැනේ පාලු සිත් අද්දර නැතිවම නුඹේ හඩ..
 කදුලු කුමට නැති කල මට හඩන්න නුඹේ ලය...
 සැපක් කුමට නැති කල නුඹේ උණුහුම මා හට...
 හෙටත් බලා ඉන්නම් මං යන දින ගම රට...

 හිදින් සැපෙන් සැමදා නුඹ මගෙත් ආයු ගෙන...
 කියන් ලතා කවි ආයෙත් නැලවෙන්නට මට...
 පතමි සසර සැනසුම මම නුඹ හට හැමදම....
 වෙයන් මගෙම අප්පච්ච් මතු භවයෙත් නුඹ..

වේවා සදා අම්මේ නුඹ මගෙම...!!!

 කඳුලු පබළු එක මාලෙක
 අමුණා ගෙල බැන්ද ලියෙ...
 සිනහ පබළු මාල ගොතා
 හැම ගෙල වට බැන්ද ලියෙ...

 මැදියම එන තුරු හනිකට
 අපෙ තනියට උන්නු ලියෙ...
 හිරු නැග එන්නට මත්තෙන්
 අලුයම ගෙට ගත්තු ලියෙ...

 රෑ හිනෙන් අඩ නින්දෙන්
 දරු සුව නෙක පැතු ලියෙ...
 එක දිනයක් සුව නින්දක්
 නොලදා කල් ඇරිය ලියෙ...

 මහමෙරකට දුක දරන්න
 හිත හයියට තියෙන ලියෙ..
 අබටැකවත් අනුනට දුක්
 නොම දෙන හරි පුදුම ලියේ..

 නෙක පැතුමන් අහස උසට
 මවා ඉන්න සොදුරු ලියෙ...
 වෙන්නම් සුවඳ දිනයක මම
 නුඹෙ ලොවට සොදුරු ලියෙ...

නුඹට ලියු කව........

පද වැලක් හෙමි හෙමින් අමුණා....
ලියන්නම් මං පුංචි කවියක්....
තාලයක් සියුමැලිව දවටා...
හැඩ කරනවද.. මගෙ කවි සිත.....

පා සෙමින් සෙමි සෙමින් ඔසවා...
සොයා ගන්නම් සෙනෙහෙ මාවත.....
අත්වැලක් වී ළගම හිදිමින්..
සවිය වෙනවද.. යන්න බෝ දුර...

ඉසිඹුලනනට තොටුපලක් මං....
සොයා ගන්නම් ගමන දුර ගොස්...
මගෙ වෙහෙසට ගිමන් හල වී
ළඟ රැදෙනවද... නිවා මා සිත....

නිවා දුක් ගිනි සෝ තාප සිත...
ලගිනි දැවටි සතපවන්නම්...
නුඹෙ සුන්දර සිනා කැන් දී
සනසවනවද... මගෙ පෙම් සිත...

පතා ආ සහසකුත් පැතුමන්
එකළු කරවන සිතක් වෙන්නම්...
මගෙ ජිවන පැතුම වී නුඹ..
හිදිනවද...නෙතු පියන තුරු මා......

Saturday, 11 June 2011

මට හිතෙන හැටි...

ජිවිතය අපට ලැබුන සුන්දර තෑග්ගක්, අපිට කෙනෙක් මොනවා හරි දෙයක් තෑග්ගක් විදිහට දුන්නම අපි ඒක කීයක් දීලා ගෙනාවද කියලා හිතනවාද.. නැත්නම් මගෙ හිතවතා මාව මතක් වෙලා තෑග්ගක් ගෙනත් දුන්නා කියලද හිතන්නේ..ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම නම් කැමතියි ඔබේ සිත දෙවනි ආකාරයේ සිතුවිල්ලකින් පිරිලා යනවානම්.. ඒ වගෙම තමා ජිවිතෙත්, අපිට කොච්චර ලොකු වටිනාකමක් තියන ජිවිතයක්ද තියෙන්නේ කියලා වටිනාකම මනින්න යන්න එපා. ඔබ වටිනාකම මනින්න පාවිච්චි කරන මිනුම් ඒකකය කුමක්ද..?? පොඩ්ඩක් හිතුවොත් ඒක ඔබ තිරණය කරන්නේ කෙනෙකුට සාපේක්ෂව නේද..? මේ සටහන තබන මාද බොහෝ විට ජිවිතයේ කඩා හැලිම් වලදි එහෙම සංසංදනයක නිරත වෙනවා.ඒත් අපිට එහෙම කඩා වැටිමකදි ඊට පෙර අපි කොතරම් ජයග්‍රහන ලබා ගෙන තියෙනවාද යන්න සිතනවාද..?


මේ ජිවිතය නුඹට ලැබුන ත්‍යාගයක් නම්, නුඹට ඒක අවැසි විදිහට පරිහරනය කරන්න පුලුවනි කාටවත්ම කරදරයක් නොවෙන ආකාරයෙන්. නුඹ කතා කරන්නේ කා සමගද, ජිවත් වෙන්නේ කා සමගද, කරන්නේ මොනවාද, මේ සියල්ල නුඹේ නිදහසට යටත්.. ඒ වාගෙම කාගෙවත් නිදහසක් උල්ලංගනය නොවන විදිහටත් වෙන්න ඕනි...


නුඹට මේ ලොව තුල කිසිවකු පාලනය කරන්න අමාරුයි..එහෙම හිතන්නත් එපා.. මොකද ඒ අයත් එයාලාට ලැබුන ජිවිත තෑග්ග එයාලාට ඕනේ විදිහට පාවිච්ච් කරන්න ඕනේනෙ. ඔබට කරන්න පුලුවන් එකම දේ තමන්ගේ දර්ශනයට අනුව යම් දෙයක් පැහැදිලි කිරිමක් පමණයි, ඒත් ඒක බොහොම හෙමින් ආදරයෙන් කළ යුතු දෙයක්. ඔබට යමෙකු ගැන තිරණයක් ගන්න පුලුවන් එකම අවස්ථාව, නුඹ ගන්නා තිරණය මත ඔවුන් සතුටින් සැපෙන් වෙසෙනවා කියන දේ ප්‍රත්‍යක්ෂ නම්, අන්න ඒ අවස්තාව පමණමයි...


කවදාකවත් තමන්ගේ නිවරදිබාවය ඔප්පු කරන්න තැන තැන දේවල් කියන්න යන්න එපා. තමන් කල හොඳ කවදාක හෝ සතුට පිරි ලොකු තෑග්ගක් විදිහට ජිවිතයට ඒවි. මාද යම් අවස්තාවල මේ වරද කරලා තියෙනවා. ඒත් ඒ ගැන දුක් වෙනවා අදටත්, මාගෙන් ඒ වරද උන කෙනෙක් මේක කියවනවානම් එයලා මට සමාව දෙවි කියලා මං හිතනවා...


කෙනෙකුට ඕනේම දෙයක් ඕනේම ආකාරයකින් තර්ක කරන්න පුලුවන් කියන එක මතක තියා ගන්න. උදාහරණයක් විදිහට හිතන්න නුඹ යම් හේතුවක් නිසා යම් දෙයක් මවගෙන් සඟවනවා. ඔබේ හොඳම මිතුරා මේ දේ දන්නවා. එයා තරක් කලොත් කොහොමද.." ඔයා අම්මාට මෙහෙම නම් මට කොහොම ඇද්ද..?" කියලා වගේ. කාරණාව එක පැත්තකින් හරි නේද..? ඒත් ඒක සාධාරණ නෑ මොකද සිදුවිමෙන් සිදුවිමට සාපෙක්ෂව තමා අපි තිරණ ගන්නේ. ඒ නිසා හැම දේම එකම මල්ලකට දාලා කිරලා ගාණක් නියම කරන්න යන්න එපා...


ජිවිතය ඇත්තෙන්ම සුන්දරයි. අපිට ඉරයි හඳයි පායලා උදේ රෑ දෙක ගැන කියනවා වාගේ කාලෙකදි සතුටත් කාලෙකදි දුකත් දැනෙවි. ඒ සියල්ල ජිවිතේට එන්න දිලා පාඩුවේ ජිවත් වෙන්න. නුඹ සිතන සෑම දේම හරිම නෑ. ඒ වාගෙම අපි අවට ඉන්න අය ගන්න තිරණත් හරි නොවෙන්න පුලුවන්. ඒත් ඒක නුඹට පෙනෙන මට්ටමින්නේ, ඒ නිසා ඒ තිරණය වැරදියි කියලා ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරන්න එපා. මගේ තිරණය නම් ඔබ අවට ඉන්න කෙනෙකු එසේ උත්සහා කරනවානම් හිත ධෛර්ය කරන් නුඹ සාර්ථක වෙලා පෙන්නන්න. එයාට රිද්දන්න නෙමේ. නුඹේ සතුට වෙනුවෙන්. නුඹේ සාර්ථකත්වය හෝ සතුට හමුවේ කෙනෙක්ට රිදෙනවානම්  එක නුඹට අදාල දෙයකුත් නෙමෙයිනෙ කොහොමත්..


ඔය ඉතින් මට හිතෙන හැටිනේ. මං වැරදිනම් හරි තව මොනවා හරි කියන්න ඕනේ නම් හරි එකතු කරන්න. හැමොගෙම අදහස් හුගක් වටිනවා...

සිතන්නට.....

කඩුපුල් මලේ හිනහෙන නුඹ රෑ නිමල...
කවුරුද දුටුවේ ලස්සන බකුසන් මිසක...
උන් දන්නේ කෙලස රොන් ගන්නට නිමල...
තලනු මිසක නුඹ සියුමැලි පෙති සැවම....

විය හැක නුඹට සුන්දර බාඳුරා මල..
ලද සරදමින් වු පසු කඩුපුලා මල...
කුමකට නසනු තවකෙකු කරලා වසඟ..
නුඹද උන්ද සැම වරදක බැදුනු කල...

වි නුම් දිනක නුඹ සුන්දර තඹර මල...
පිපුනත් මඩ ගොහොරු දහසක් කටු අකුල් මැද..
නෙළා පුදයි නුඹ බොහොසත් සිතක් මතු...
එය වේ නිමල තැන නුඹ විසුමට සුදුසු.......

"අ..ආ..ඇ...ඈ...."

අපේ සිංහල හෝඩිය පටන් ගන්නේ "අ" යන්නෙන්...

අපේ ජිවිතයට ආරම්භයක් දෙන අයට "අම්මා", "අප්පච්චි" කියලා අපි "අ"යන්නෙන්ම ආරම්භයක් තියන්නේ එනිසා වෙන්න ඕනි.. ඊ ළඟට අපි දකින දෙන්නා අපේම "අයියා" ,"අක්කා".. එහෙම නැතිනම් "අත්තම්මා", "අත්තා" සියල්ලුම වචන "අ" පටන් ගන්න හැටි පුදුමයි නේද...?

ඒතමා අපේ ජිවිත පටන් ගද්දි අපි දකින සුන්දර චරිත......එහෙම ගෙවි ගෙන යන ජිවිතෙ අපිට හොඳ නරක කියා දෙද්දි වටිනම වචනය විදිහට කියන්නෙ "අපි" කියන දේ.. සමුහිකත්වය පිරි, මමත්වයෙන් මිදි සුන්දර වචනය..... "අපි"...
අපි හැමොම එකතු උන තැන තියන සුන්දරම ඊ ලග දේ තමා "අවිහිංසාව","අව්‍යජත්වය", "අනුකම්පාව" කැටිවුන  "ආදරය"........

ඒසේ බිහිවු සුන්දර මිනිසා අගයන, තම දිවි නොදෙවනි කොට සුරැකිව රකින වටිනාම වස්තුව තමා "ආත්ම ගෞරවය"....

ඒත්..... සැම සුන්දර මිනිසකු තුලම, සැගව ගත් "ඇල්ම" සිමාව ඉක්මවා මතුව ආ දිනක.....තමා පමනක් නොව සියල්ල සුනු විසුනු කරදමන්නේ...තමා කිසිදා ලං විය නොහැකි "ඈ ස්තරය" තුල තමාටද සොරා අතුරුදන් කරමින්ය........

ආදරය